දේශීය

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 03 හි සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුනෙහි සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඔවුන් විශේෂ තීරණ කිහිපයකට එළැඹීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් පළමුව අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සමග සාකච්ඡා කරන බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ විපක්ෂය අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

Related posts

අගමැතිගේ පොසොන් පොහෝ පණිවිඩය

Mohamed Dilsad

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment