දේශීය

ජනපති දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

 

“අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බවය.

 

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණි.

 

සිංගප්පූරු සංචාරය අතුරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේය.

 

එමෙන්ම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල තවත් 6 ක් නිරෝධායනයට

Mohamed Dilsad

ඖෂධ වර්ග 300 වැඩි ප්‍රමාණයක් හිඟයි…! ගේන්න මාස 09ක්…? – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment