ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන මෙන්න

(UTV | කොළඹ) – එක් දින තරග පහකට, පන්දුවාර 20 තරග තුනකට, සහ ටෙස්ට් තරග දෙකකට එක්වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි සහ ජූලි මාසවල දී මෙරට සංචාරයක නිරත වනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම එක්වන පන්දුවාර විස්ස තරග තුනෙන් පළමු තරගය ජූනි 07 වන දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය ජූනි 8 වැනි දා පැවැත්වීමට නියමිතව ඇත්තේ ද එම ක්‍රීඩාංගනයේදීයි.

කණ්ඩායම් දෙක අතර තුන්වන පන්දුවාර විස්ස තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

Related posts

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

Mohamed Dilsad

පළමු තරඟයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment