ක්‍රීඩා

පළමු තරඟයේ ජය කොදෙව්වන්ට

(UTV| ) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 226 කින් ජය ගැනීමට (11)ඊයේ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව තරඟ 03 කින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ 1-0 ලෙස කොදෙව්වන් පෙරමුණේ සිටියි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් රැස් කල අතර පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.  ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

Mohamed Dilsad

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment