දේශීය

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

(UTV | කොළඹ) – ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත.

සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති.

පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇතැයිද ආපනශාලා හිමියෝ කියා සිටිති.

Related posts

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපූජ්‍ය මක්කුලාවේ විමල අනු නායක හිමියන් පත් කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 274ක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment