දේශීය

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

(UTV | කොළඹ) – ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත.

සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති.

පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇතැයිද ආපනශාලා හිමියෝ කියා සිටිති.

Related posts

විදුලි කප්පාදුවක් අත ළඟ ද…?

Editor O

ජීව දත්ත ඩිජිටල් IDයට ඉන්දියාවෙන් ආධාර

Mohamed Dilsad

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment