දේශීය

අද විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – අද (14) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට දහවල් 5.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් හා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජපානයෙන් මෙරටට ආධාර මුදලක්

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

වකුගඩු රෝග සොයන්න චීනයෙන් ජංගම රථ 8ක්

Mohamed Dilsad

Leave a Comment