දේශීය

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

(UTV | කොළඹ) – හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා ගාස්තු රුපියල් 70 දක්වා වැඩි කෙරෙන අතර නගර සීමාව තුළ අමතර එක් කිලෝමීටරයක් සඳහා රුපියල් 55ක් අය කෙරේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ භාණ්ඩ හා සේවාවල මිල හදිසියේ ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ රියදුරන් ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල ගාස්තු පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 දක්වා වැඩි කරන බවත් අමතර එක් කිලෝමීටරයකට රුපියල් 60ක් වැය වන බවත් ඔහු පැවසීය.

Related posts

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

Mohamed Dilsad

කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment