දේශීය

අදත් පැය 03 යි විනාඩි 45 ක උපරිම විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේත් පැය 03 යි විනාඩි 45 ක උපරිම කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී P,Q,R,S,T,U,V,W කලාප සදහා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් පැයක කාලයක්ද පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ද විදුළිය කපා හැරෙනු ඇති.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සදහා විදුළිය කපා හැරෙන්නේ අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ලෙසයි.

හෙට දිනයේදී P,Q,R,S,T,U,V,W කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කපා හැරෙනවා.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සදහා හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.

මේ අතර විවිධ ප්‍රදේශවලට අඩුවැඩි වශයෙන් විදුළි කප්පාදුවක් සිදුව ඇත්තේ දකුණු පළාතේ පිහිටි උපපොළක සිදුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කළා.

Related posts

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්

Mohamed Dilsad

ඉන්දීය සාග සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment