දේශීය

ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව

(UTV | කොළඹ) – ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ බුස්ටර් එන්නත ලබාදීම මඟින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදීමට සිටින බිලිඳුන්ට ද රැකවරණය හිමි වන බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා එම අදහස් පළ කළේය.

“ගර්භණී කාන්තාවන්ට මේ එන්නත නිර්දේශ කළා. මේක ඉතාම වැදගත් ගර්භණී කාන්තාවන්ට සම්පූර්ණ එන්නත්කරණය බූස්ටර් එන්නත ඇතුළුව ලබාදීම. පහුගිය කාලයේ අපි දැකපු දෙයක් තමා පුර්ණ එන්නත්කරණය, ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබාදුන්න ගර්භණී කාන්තාවන්ට කිසිදු ආකාරයක සැලකියු යුතු සංකූලතාවයක් කොවිඩ් රෝගය නිසා ඇති වුණේ නෑ. අපි දන්නවා මේ එන්නත්කරණයට භාජනය කරත් කෙනෙකුට රෝගය හැදෙන්න පුළුවන්. හැබැයි එමඟින් සංකූලතා ඇති වෙන්නේ නැත්නම් අපි ඒ ගැන අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ වෙන්නේ නෑ. ගර්භණී කාලය කියන්නේ විශේෂිත කාලයක්. ඒ කාලයේ දී ආරක්ෂාව ලැබෙනවා. මවගේ ආරක්ෂාවටත් දරුවාගේ ආරක්ෂාවටත් පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඉතා වැදගත්.”

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයි

Editor O

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment