දේශීය

ලබන සතියේ 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

(UTV | කොළඹ) – පෙබරවාරි මස 22 වනදා සිට 25 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද (17) රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එහිදී 22වන අඟහරුවාදා දින නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

මේ අතර 23 බදාදා දින, දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව ඇත.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක්ද, ගස් හෙළීමේ (පාලන) පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක්ද, 24 වන බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක්ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

25 වන සිකුරාදා, පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Related posts

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

Mohamed Dilsad

ලංගම සේවකයින් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

Leave a Comment