ක්‍රීඩා

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

(UTV |  සිඩ්නි) – ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 02 වන පන්දුවාර 20 තරගයේදී අනතුරකට මුහුණදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් කර තිබෙනවා.

හයේ පහරක් වැළැක්වීමට යාමේදී ඔහුගේ හිස බිම ගැටෙනු දක්නට ලැබුණා.

ස්ටීව් ස්මිත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු පූර්ණ සුවය ලැබීමට තවත් දින 06 ක් හෝ 07 ක් ගතවනු ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් නොකරන බවයි.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 03 වන් පන්දුවාර 20 තරගය හෙට කැන්බරා හිදී පැවැත්වෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉදිරි තරග 03 ම ජය ගත යුතුයි.

Related posts

තාවකාලිකව නතර කළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ ඇරඹේ

Mohamed Dilsad

මෙවර IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම වනිඳුට

Mohamed Dilsad

ක්‍රිකට් කළමනාකරු ලෙස චරිත් සේනානායක පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment