දේශීය

අබ්බාට වෙඩි

(UTV | කොළඹ) – විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සළිඳුගේ ගෝලයෙකු වූ දුලාන් සමීර සම්පත් හෙවත් අබ්බා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එගොඩඋයන – මෝදර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමක දී මෙලෙස සැකකරු තුවාල ලබා රෝහල් ගතකළ බවයි.

ඉන් සුළු මොහොතකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු නිවසක කාමරයක් තුළ සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම දියත් කළ අතර, එහි දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් 26 හැවිරිදි දුලාන් සමීර සම්පත් හෙවත් අබ්බා මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු ද තුවාල ලැබුවා.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි

Editor O

Leave a Comment