Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

අන්තර්ජාලය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවි කරන, සම සුදු කිරීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ආලේපන වර්ග වෙළෙඳාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන අලේපනවල නිෂ්පාදන අන්තර්ගත විස්තර, නිෂ්පාදකයාගේ විස්තරබ බොහෝ අවස්ථාවල සඳහන් කර නැහැ. එවැනි නිෂ්පාදනයක් භාවිතා කිරීමේදී යම් සෞඛ්‍ය ගැටළුවකට මුහුණපෑමට සිදුවුවහොත් එකී නිෂ්පාදකයා සම්බන්දව නීති පියවර ගැනීම දැඩි අසීරුතත්ත්වයක් ඇති වන බවද පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි. සාමාජ මාධ්‍ය ඔස්සේ අළෙවි කරන අලේපන භාවිතා කිරීමේ දී කාන්තාවන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

Related posts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළව ගැසට් නිවේදනයක්

Editor O

අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment