Trending Newsඑසැන පුවත්දේශීය

අවුරුදු 88 ක ට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා සිදුවූ වෙනස

වසර 88 කට පසු රාජපක්ෂ පවුලේ කිසිවෙක් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය
කිරීම සඳහා සිය නියෝජනයක් ඉදිරිපත් කර නැත.*

පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා ලබාදුන්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වය දරන්නේ හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක මහතාය. 1936 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 2024 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා කාල පාරාසය තුළ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා ලේඛනයක රාජපක්ෂ පරපුරේ කෙනෙක් නොමැති වූ පළමු අවස්ථාව මෙය බව නාම යෝජනා විමර්ශනය කිරීමේ දී පෙනී යයි.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලබා දී තිබේ.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඩී.එම්.රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වූහ .

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී
පෙරමුණේ ඉදිරිපත් වුවද ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු නොවේ.

Related posts

ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරුවරියකගේ වැඩ තහනම්

Editor O

[VIDEO] – Police release Tiger Woods dashcam video

Mohamed Dilsad

US withdraws funding for United Nations Population Fund

Mohamed Dilsad

Leave a Comment