Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරුවරියකගේ වැඩ තහනම්

උතුරු මැද පළාතේ පාසල් වල තුන්වන වාර පරීක්ෂණයේ, 6 සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇළයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ඊයේ (07) දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කර තිබේ.

මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර මෙම ගුරුවරියගේ වැඩ තහනම් කළ බව, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.

Related posts

Parliament to convene for a special sitting on Monday

Mohamed Dilsad

“Right to higher education cannot be disturbed” – Deputy Minister Eran

Mohamed Dilsad

විදුලිය බිඳ වැටීම පිළිබඳ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment