Trending Newsඑසැන පුවත්දේශීය

ස්වාමීන් වහන්සේලා දෙනමක්, දේවානන්දගේ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරයි.

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ පළමු දෙමළ පක්ෂය බවට ඉතිහාසගත වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊ.පී.ඩී.පී. නියෝජනය කරමින් පූජ්‍ය කිරිඉබ්බනාරේ විජිත හිමි සහ පූජ්‍ය උඩවලවේ ජිනසිරි හිමි යන හිමිවරු නාමයෝජනා බාර දී සිටිති.

“හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට
තරග කිරීමට තීරණය කළේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහායි. අපේ එකම උත්සාහය ජාතික සංහිඳියාව
ඇති කිරීම මිස අපි තනතුරු පසුපස යන්නේ නැහැ. අපට අවශ්‍ය එක ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනඟා
ගැනීමටයි” විජිත හිමියෝ පැවසූහ.

Related posts

Manusha resigns from Ministerial portfolio

Mohamed Dilsad

Portman reveals Hollywood gender pay gap

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ පනස් දහසක්…?

Editor O

Leave a Comment