දේශීය

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

(UTV | කොළඹ) – මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11දා) පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

එම දුම්රියේ ඉන්ධන ගැලුම් 5800 ක් ප්‍රවාහනය කල ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් මෙසේ පීලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

අද උදැසන මෙම පීලි පැනිම සිදු වි ඇති බවත්, පීලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වටවල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

පීලි පැනිමට ලක් වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ තෙල් ටැංකි සහ දුම්රිය පෙට්ටි පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය ආසන්නයට ධාවනය කරවන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Related posts

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට

Mohamed Dilsad

ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළ

Editor O

කොවිඩ් මරණ ගණන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment