දේශීය

අද සිට මාකුඹුර සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

(UTV | කොළඹ) – මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ප්‍රධාන නගර 25 ක් දක්වා දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ 72 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කලේ.

මුලතිව්, අක්කරෙයිපත්තුව, මඩකළපුව, ඇඹිලිපිටිය, මොණරාගල ආදි සමස්ත රටම ආවරණය වන පරිදි මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම බස් රථ අධිවේගී මාර්ග සහ සාමාන්‍ය මාර්ග යන මාර්ග දෙකම භාවිත කරමින් ධාවනය කෙරෙන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියා.

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ

Mohamed Dilsad

බන්ධනාගාරයේ දුෂිත නිලධාරින් ගැන දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment