දේශීය

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ

(UTV | කොළඹ) – ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සිකුරාදා සිට ආරම්භ වේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති මුළු සංඛ්‍යාව 476 ක් වන අතර ඒ අතරින් 462 දෙදෙනෙකු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අතර කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 14 දෙනෙකු ද මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙහිදී උසස් කිරීමට නියමිතව ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 60 දෙනෙකු පමණි.

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් අතරින් 10 දෙනෙකු ද මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලබනු ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

උසස් පෙළ කල් දමන්නැයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ආර්ථික අර්බුදයෙන් ඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment