ව්‍යාපාරික

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

(UTV | කොළඹ) –  දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට සිදු කර ගැනීමේ පහසුකම් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (19) ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය මත හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එම සේවාව අද ආරම්භ කරන ලද්දේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

Related posts

සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට සුදානම්

Mohamed Dilsad

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

Editor O

යාපනය ජාත්‍යන්තර ගුවන් පථයට පළමු ගුවන් යානය ගොඩබසී

Mohamed Dilsad

Leave a Comment