දේශීය

ආර්ථික අර්බුදයෙන් ඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් ඒවා අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් පවසනවා.

 

ආර්ථික විශේෂඥයින් 182 දෙනෙකු නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙරට බාහිර ණයවලින් 50% ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති එම ණය හිමියන් මේ වනවිටත් විශාල ලාභයක් උපයා ඇති බවත් ඔවුන් එම ලාභ උපයා ඇත්තේ අවදානම් සාධකය ද සහිතව බැවින්, ශ්‍රී ලංකාව ණය ගෙවීම් නතර කිරීමේ ප්‍රතිඵලය ද විඳගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් කඩිනම් අවශ්‍යතාවක් ඇති මොහොතේ සිය වගකීම් ඉටුකරමින් නිසි ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද අපොහොසත් වී ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වාදී තිබෙනවා.

 

මේ හේතුවෙන් රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය කපා හරිමින් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය වෙමින් ණය හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Related posts

ඩෙල්ටා සොයා රටපුරා අහඹු පීසීආර් පරීක්ෂණ

Mohamed Dilsad

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

Leave a Comment