දේශීය

ගුරු – විදුහල්පති සේවා ගැන විශේෂ ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2022 අංක 2262/45 දරන අදාළ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ඒ අනුව, 2021.08.30 දින සිට ක්‍රියාත්මන වන පරිදි විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි පත් කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින් ම ඉදිරියට ත් බලපැවැත් වේ.

තව ද ඒ ඒ සේවාවන්ට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහය පිළිබඳ බලධාරීන් විමසා සුදුසු පරිදි සං‍ශෝධනය කර ගත හැකි බව ද සඳහන් වේ.

සේවා ගණ, ශ්‍රේණි හා තනතුරු සම්බන්ධයෙන් අදාළ බලධාරියා විසින් අනුමත කරනු ලබන නව ප්‍රතිපදනයන් අනුව සේවා ව්‍යවස්ථාවන් සකස් කර ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන තෙක් ඒ ඒ සේවාවන් සඳහා දැනට ම ත් ක්‍රියාත්මකව පවතින සේවා ව්‍යවස්ථාවල සඳහන් විදිවිධාන අදාළ වන බව වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

Editor O

වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment