දේශීය

වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය.

 

වෑන් රථයේ දෙදෙනෙකු ගමන්කර ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙක් නිරුපද්‍රිතව ඉන් පිටතට පැමිණ තිබේ.

 

නමුත් වෑන් රථයේ සිටි කාන්තාවක් ඒ තුළ සිරවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

ඇයව මුදාගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

 

කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ මන්දගාමී දුම්රියේ වෑන් රථය ගැටී ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තාවේ.

 

 

Related posts

නිරෝධායනයට ලක්වන සියල්ලන්ම PCR පරීක්ෂණයට ලක් කෙරේ

Mohamed Dilsad

කොරෝනා මර්දනයට පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ සහය

Mohamed Dilsad

සියලු විශ්ව විද්‍යාල යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment