දේශීය

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

(UTV | කොළඹ) – සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා 2020 ඔක්තෝබර් මස 19 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබුණු බව වාර්තා වෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරු ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදි‍රිප ත් කිරීමටත් කෘෂි ඇමති විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව යි සඳහන් වෙන්නේ.

Related posts

මැයි මස විශ්‍රාම වැටුප හා පන්දහසේ දීමනාව හෙට සිට [RELEASE]

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

Editor O

පිරමීඩ් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදි

Mohamed Dilsad

Leave a Comment