දේශීය

පිරමීඩ් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදි

(UTV | කොළඹ) – පිරමීඩ් ආකාරයේ මුදල් ජාවාරමේ නිරතවන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිටත් දකුණු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිරමීඩ මුදල් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත. එමෙන්ම ක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් ලබා දෙන බවට පවසා ඔවුන්ගේ ණය කාඩ්පත්වල තොරතුරු ලබා ගැනීමේ ජාවාරමක් ද විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි වාර්තාවේ.

ජනතාව මේ පිළිබදව තොරතුරු දන්නේ නම් එම තොරතුරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට දැනුවත් කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගත් ඉන්දියානු අගමැතිවරයා, දෙදින සංචාරය නිම කර පිටව යයි.

Editor O

පොලීසියේ ලොකු පුටු කිහිපයක හදිසියේ තැන් මාරුවෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

Editor O

Leave a Comment