දේශීය

වෙළෙඳ අමාත්‍ය බන්දුල පාකිස්තානයට

(UTV | කොළඹ) – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

දෙරටේ වෙළෙඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වේ.

මීට අමතරව පාකිස්තානයේ ඖෂධ සහ රෙදිපිළි ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Mohamed Dilsad

හෙද නිලධාරීන්, ආණ්ඩුවට එරෙහිව විරෝධතා අරඹති.

Editor O

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment