Trending Newsඑසැන පුවත්දේශීය

හෙද නිලධාරීන්, ආණ්ඩුවට එරෙහිව විරෝධතා අරඹති.

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේය.

Related posts

Good Work by Sri Lankan FT&L Sector!’

Mohamed Dilsad

சிலாபம்-நீர்கொழும்பு தனியார் பேரூந்து ஊழியர்கள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

හිටපු අගමැති විදෙස් ගතවෙයි

Mohamed Dilsad

Leave a Comment