දේශීය

වෙළෙඳ අමාත්‍ය බන්දුල පාකිස්තානයට

(UTV | කොළඹ) – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

දෙරටේ වෙළෙඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වේ.

මීට අමතරව පාකිස්තානයේ ඖෂධ සහ රෙදිපිළි ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

දේශපාලනය සහ රාජ්‍ය පාලනයේ දී ගන්නා තීන්දු කෙසේ විය යුතුය ද..? ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් ෆේස්බුක් සටහනක්

Editor O

ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීමට පොලිස් නිලධාරියෙකු පත්කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment