දේශීය

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

(UTV | කොළඹ) – බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලිය 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස ​​තුනකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ බැංකුව විසින් මෙම තීරණයට එලැඹ ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් බවයි බංග්ලාදේශ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ.

මූල්‍ය හුවමාරු හෙවත් ස්වැප් පහසුකම යටතේ බංග්ලාදේශයෙන් ලැබෙන එම ණය පහසුකම මෙරටට ලැබුණේ කොටස් තුනකින්.

ඒ අනුව 2021 අගෝස්තු 19 වැනි දින පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් නිකුත් කළ අතර, ඩොලර් මිලියන 100ක දෙවැනි වාරිකය 2021 අගෝස්තු 30 වැනි දින නිකුත් කළා.

ඩොලර් මිලියන 50 වටිනා අවසාන වාරිකය මෙරටට නිදහස් කරනු ලැබුවේ, 2021 සැප්තැම්බර් මස 21 වැනි දිනයි.

ගිවිසුමට අනුව, බංග්ලාදේශය ණය මුදලේ පොලිය 2%ක් වන අතර, මාස හයකට පසුවත් වාරිකයේ මූලික මුදල නො ගෙවන්නේ නම්, අදාළ පොලිය 2.5% වනු ඇති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බංග්ලාදේශ නිදහසේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයට එක්වීම සඳහා පසුගිය මැයි මාසයේ දී එහි ගිය පසු සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ බැංකුව විසින් මෙම මුදල් හුවමාරු ගිවිසුමට එළඹුණා.

මේ වනවිට දකුනු ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයකට හිමිකම් කියන බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිතය පසුගිය අඟහරුවා දා දැක්වුනේ ඩොලර් බිලියන 46.3ක් ලෙසින්.

එය මීට වසර එක හමාරකට පමණ පෙර වාර්තා කළ ඩොලර් බිලියන 48ක වාර්තාගත ඉහළම අගයෙන් පසු වාර්තා වූ හොඳම අගය යි.

Related posts

කන්ටැක්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 17, 457 ක් ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

ඇඳිරි අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පනින්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment