දේශීය

දුම්රිය නැතිව තෙල් ලීටර් ලක්‍ෂ 35 ක් බෙදා හැරීමට ප්‍රශ්නයක්

(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් සිදුකරන ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ, ඉන්ධන ප්‍රවාහන කටයුතුවල තම රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පස්වරුවේ සිට පියවර ගැනීමත් සමගයි.

සාමාන්‍යයෙන් සමස්ථ ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට 40ක් සම්පූර්ණ කරන්නේ දුම්රිය මගින්. එමගින් දෛනිකව රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්‍ෂ 35 කට ආසන්නයි. ඉන් ලීටර් ලක්‍ෂ 14 ක් රැගෙන යනු ලබන්නේ කටුනායක ගුවන් තොටුපොල සදහායි. ඒ, ගුවන් යානාවලට සැපයීමේ අරමුණින්.

දිවයින පුරා පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණ වෙත ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් ද සිදු කරනවා. ඒ අනුව අනුරාධපුර සංකීර්ණයට ඉන්ධන ලීටර් ලක්‍ෂ 6 ක් පමණ දෛනිකව ප්‍රවාහනය කරන අතර මඩකලපුව සහ පේරාදෙණියට ඉන්ධන ලීටර් ලක්‍ෂ 4 බැගින් රැගෙන යන්නේ දුම්රියෙන්.

ගාල්ල ඉන්ධන ගබඩා සංකීර්ණයට ඉන්ධන ලීටර් ලක්‍ෂ 5 ක් ද වව්නියාවට ඉන්ධන ලීටර් ලක්‍ෂ 2 ක් ද දෛනිකව දුම්රියෙන් රැගෙන යනවා. සෙසු ප්‍රදේශවල පිහිටි ගබඩා සංකීර්ණවලටද මීට සාපේක්‍ෂ ප්‍රමාණවලින් ඉන්ධන රැගෙන යන්නේ දුම්රියෙන්. අඹේවෙල පිහිටි දේශීය කිරිපිටි නිෂ්පාදන ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම සදහා අවශ්‍ය දැවි තෙල් ප්‍රවාහනයද දුම්රිය මගින් සිදු කෙරෙනවා.

ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් එම සියළු ඉන්ධන ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර නෙත් නිවුස් වෙත පැවසුවේ.

Related posts

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

Mohamed Dilsad

සති අන්තයේ දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment