දේශීය

දුම්රියත් නවතී ද? – අද තීරණාත්මක සාකච්ඡාවක්

(UTV | කොළඹ) – වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් අද(27) පෙරවරුවේ පැවැත්වෙයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, එම සාකච්ඡාවේදී ලැබෙන ප්‍රතිචාරය අනුව අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වනවාද? යන්න තීරණය කෙරෙන බවයි.

දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙළීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 23 වැනිදා සිට ය.

ඒ අනුව මේ වනවිට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වී සිටී.

Related posts

විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙස, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්දෙයි

Editor O

ආයෝඡන සංවර්ධනය සඳහා අවුරුදු 99-කට ඉඩම් බද්දට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

Editor O

Leave a Comment