දේශීය

අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ඔවුන් අක්තපත්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනික් ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටිති.

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානා, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත්ව සිටිති.

1.සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා මහතා

2.ජෝර්දාන තානාපති ලෙස මොහමඩ් අල් – කේඩ් මහතා

3.ප්‍රජාතන්ත්‍රවාදීමහජනකොරියානුජනරජයේ තානාපති ලෙස චෝයි හුයි චෝල් මහතා

4.රුවන්ඩාවේ මහ කොමසාරිස් ලෙස මුකන්ගිරා ජැකලීන් මිය

5.බොස්ට්වානා මහ කොමසාරිස් ලෙස ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මහතා

6.මෝල්ටාවේ මහ කොමසාරිස් ලෙස රූබන් ගව්චි මහතා

7.හංගේරියාවේතානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි මහතා

8.මොරිටේනියාවේ තානාපති ලෙස මොහමඩ් අහමඩ් රාරා මහතා

9.ටියුනීසියාවේ තානාපතිනිය ලෙස හයෙට් ටැල්බි බිලෙල් මිය

10.ආජන්ටිනාවේ තානාපති ලෙස හියුගෝ හවියෙර් ගෝබි මහතා

11.ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද් මහතා

12.ඊජිප්තුවේ තානාපති ලෙස මගෙඩ් මොස්ලේ නෆෙයි මහතා

13.ඩොමිනිකා ජනරජයේ තානාපති ලෙස ඩේව්ඩ් එමැනුවෙල් පග් මහතා

14.නයිජීරියාවේ මහ කොමසාරිස් ලෙස අහමඩ් සුලේ මහතා

15.ඉන්දුනීසියාවේ තානාපතිනිය ලෙස දේවි ගස්ටිනා ටොබින්ග් මිය

16. ස්පාඤ්ඤයේ තානාපති ලෙස හෝසේ මරියා ඩොමින්ගස් මහතා

17.ස්ලෝවේනියාවේ තානාපතිනිය ලෙස මටේජා ගෝෂ් මිය

එම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන සංධාන නිලධාරි තුෂාර රොද්‍රිගෝයන මහත්වරු එක්ව සිටියහ.

Related posts

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

Mohamed Dilsad

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

Leave a Comment