කලා

මැණිකේ මගේ හිතේ යොහානිට කොළඹින් සුපිරි තෑග්ගක්

(UTV | කොළඹ) – මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.

මීට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20)පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරනු ඇතැයි වාර්තා වේ. නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින් ,ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර ,.1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇත.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යුගදිවියට[PHOTOS]

Mohamed Dilsad

Spider-Man, Homecoming තිරගත කෙරේ

Mohamed Dilsad

කල්කි ගේ සෆෝවා මුල් වරට මාධ්‍යයට

Mohamed Dilsad

Leave a Comment