ක්‍රීඩා

එංගලන්තයට දැඩි ඉලක්කයක්

(UTV | කොළඹ) – අළු බඳුන කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ පස්වන සහ අවසන් දිනය අද (20) යි.

මේ වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 142 ක් ලබා සිටිනවා.

ඒ අනුව තරඟය ජය ගැනීම සඳහා එංගලන්තයට තවත් ලකුණු 326 ලබා ගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුළු 4ක් පමණයි.

මෙම තරගයේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 473ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 230ක් රැස් කළා.

එංගලන්තයට සිය පළමු ඉනිම සඳහා රැස් කළ හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

Related posts

ඕස්ට්‍රේලියානු නායකයාට ටෙස්ට් තරඟ තහනමක්

Mohamed Dilsad

කොදෙව්වන් කඩුලු 5 කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

Leave a Comment