දේශීය

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ලබන සඳුදා දිනය් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

එජාපයේ ජාතික ලැයිස්තුව ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment