දේශීය

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ලබන සඳුදා දිනය් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

ජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…

Editor O

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment