දේශීය

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ලබන සඳුදා දිනය් පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව තිබේ.

අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

පාසල් දරුවන්ගේ දිවා ආහාර මුදල් අවභාවිතා කළ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්..? | සැමියා මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් – ලංකා ගුරු සංගමය

Editor O

විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතියට,, වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනය රිංගවමින් සිටිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Editor O

ලංවීම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි.

Editor O

Leave a Comment