දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා පැවසුවේ, කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇති බවය.

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බව සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

මේ අතර ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටී.

විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ, තවත් පැය කිහිපයකින් එම කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවය.

අද (03) දහවල් 11.30ට පමණ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටුණි.

Related posts

අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයා ගැන අධිකරණයෙන් නියෝගයක්

Editor O

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

මොරටුව ප්‍රදේශයේ රිය අනතුරකින් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment