Trending Newsඑසැන පුවත්දේශීය

අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයා ගැන අධිකරණයෙන් නියෝගයක්

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 18 දින නඩුව කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබෙනවා.

සැකකරුට එරෙහි ව ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) දැනුම් දුන්නේය.

අදාළ පුද්ගලයා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා නම් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි යැයි ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා සිටියා.

ආබාධයකින් පෙළෙන බව පෙරදිනයේ ඹහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවත්, ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා කෙටි දිනයක් අවශ්‍ය බවත්, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි එකී පුද්ගලයා, අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම් වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබුණා.

Related posts

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කඩ කළ බස් රථ 51 ක් අල්ලයි

Mohamed Dilsad

Minor fire at Minister Jayawickrama’s Parliamentary room

Mohamed Dilsad

Leave a Comment