Trending Newsඑසැන පුවත්දේශීය

අදානිගේ සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි.

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය. පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ wo (16) කැඳවින.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම කෙරුණි.

Related posts

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

Mohamed Dilsad

நாளை ‘புளு மூன்’ , ‘பிளட் மூன்’ மற்றும் ‘சூப்பர் மூன்’- 150 ஆண்டுகளுக்கு பிறகு அரிய நிகழ்வு

Mohamed Dilsad

Special Tax Incentives: Boost for Industrial Sector

Mohamed Dilsad

Leave a Comment