දේශීය

මොරටුව ප්‍රදේශයේ රිය අනතුරකින් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 07 ක් සහ අවුරුද්දක් වයසැති එකම පවුලේ දැරියන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 10 ට පමණ සිදුවූ මෙම අනතුරින් ගැබිණි කාන්තාවක වන ඔවුන්ගේ මවද බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරු පැදියක මොවුන් ගැටී තිබුණු අතර , බරපතල තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා පානදුරට රෝහළට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් සිට ඇත.

ගැබිණි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය දැරියන් දෙදෙනා මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

Mohamed Dilsad

අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ගැන වත්මන් ආණ්ඩුවට සුබ පතනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment