Trending News

පොහොර තහනමෙන් පසු ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

(UTV | කොළඹ) – පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තුළට රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය කිරීම තහනම් කරන ලදී.

තහනම ක්‍රියාත්මක කර මාස හයක් ගතවී ඇති අතර, අද රට තුළ ආහාර හිඟයක් නිර්මාණය වී තිබේ.

මෙරට තොග වෙළෙඳ පොළට එළවළු සහ පලතුරු සැපයීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවත් පොහොර හිඟය හේතුවෙන් වෙළෙඳපොළේ ඇති එළවළු හොඳ තත්ත්වයේ නොමැති බවත් වාර්තා වේ.

මෙරට ප්‍රමුඛතම වෙළෙඳ පොළ වන කොළඹ මැනිං වෙළෙඳපොළට ද එලවලු තොග ලැබීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර එළවළු මිල දෙගුණ තෙගුණ වී ඇත.

පොහොර තහනම හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්න අඩුවීම ඊට හේතුව බව වෙළෙදුන් පවසයි.

මැනිං වෙළෙඳපොළ මෙරට ආහාර බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වන බැවින් මෙය මුළු රටටම බලපානු ඇත.

මෙම ගැටලුකාරී තත්ත්වය තුළ රජය පොහොර ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසරය ලබාදී ඇති අතර පෙර පැවති රාජ්‍ය සහනාධාරය ලබා නොදීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී අධික මිලකට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට සිදුවේ.

කෙසේ වෙතත් රසායනික පොහොර යොදා නව අස්වැන්න නෙළීමට අවම වශයෙන් තවත් මාස තුනක්වත් ගතවන බැවින්.

පවතින ආහාර හිඟයට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇත.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු වෙලඳපොලට ඇතුළු වීම වැදගත් – අගමැති

Mohamed Dilsad

பப்புவா நியூ கினியா தீவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Sri Lanka’s Hajj pilgrim quota raised

Mohamed Dilsad

Leave a Comment