Trending Newsදේශීය

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනයට එරෙහිව මෝල්නුපිරවිර් (Molnupravir)පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී ගන්නා බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ Merck සමාගම ඇතුළු බොහෝ සමාගම් මෙම පෙති ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවත්, එම නිෂ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ සම්බන්ධ වී සිටින බවත් ඔහු සඳහන් කළේය.

Molnupravir නමැති ඖෂධය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කිරීමට කොරෝනා තාක්ෂණික කමිටුව පසුගිය 15 වැනිදා අනුමැතිය ලබා දුන්නා.

එය ඇමරිකානු ඖෂධ සමාගම් Merck, Sharp and Dohme (MSD) සහ Ridgeback Biotherapeutics විසින් නිපදවන ලද කොරොන වයිරස් සඳහා වන පළමු ප්‍රතිවෛරස් පෙති වේ.

Related posts

அங்கொட லொக்காவின் உதவியாளர்கள் மூன்று பேர் கைது

Mohamed Dilsad

அப்துல்லா யமீனுக்கு 5 ஆண்டுகள் சிறைத்தண்டனை

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment