දේශීය

ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

කලක් රෝගාතුරව සිටි ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා දහවල් අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ලක්ෂ්මන් විජේසේකර මහතා 73 වන වියෙහියි පසුවූයේ.

පාසල් කිහිපයක මෙන්ම කලාභූමි සෞන්දර්ය ආයතනය ආරම්භ කිරීමට දායකවෙමින් එහි සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් දරුවන් වෙත සංගීත දැනුම ලබාදීමට ද ලක්ෂ්මන් විජේසේකර මහතා කැපවී කටයුතු කළා.

Related posts

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අලුතින් 40ක් දැනටම ඇවිත්

Editor O

ජීවනෝපාය අහිමි වු අනු පවුල් සඳහා 5,000 ක දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment