ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

(UTV |  ඩුබායි) – පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සමග පැවැති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 04ක තියුණු ජයක් හිමිවිය.

සාජාහී පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී ජයග්‍රාහ ඉලක්කය පසු කළේය.

කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ටෙම්බා බවුමා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සමගින් කුසල් ජනින් පෙරේරා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 20කි.

පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 07 කට දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 21 කට දැවී ගියේය.

භානුක රාජපක්ෂට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

නායක දසුන් ශානක ලකුණු 11 කට දැවී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 72 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142කි.

පිළතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුළු 3 ලකුණු 49 කදී බිඳ වැටුණා.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 11 කට දැවී ගිය අතර ක්වයින්ටන් ඩී කොක් ලකුණු 12 කට දැවී ගියේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය.

නමුත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙනදීමට එය ප්‍රමාණවත් නොවීය.

Related posts

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

Mohamed Dilsad

2021 IPL සටනේ පළමු ජය කෝළිට

Mohamed Dilsad

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

Mohamed Dilsad

Leave a Comment