ක්‍රීඩා

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

(UTV| කොළඹ) – 5 වරක් ආසියානු ශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වෙයි.

ඒ ඊයේ(17) අබුඩාබිහිදී ඇෆ්ගනිස්ථානයත් සමග පැවැති තරගය ලකුණු 91 කින් පරාජය වීමත් සමඟය.

කාසිය වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි.

එය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.

නවක පිතිකරුවන් වන මොහොමඩ් ශසාඩ් ලකුණු 34 ක් රැස් හා ඉසනුල්ලා ලකුනු 45 ක් රැස් කළහ.

සිය එක්දින දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කළ රහමට් ශා රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි.

හශ්මටුල්ලා ශහීඩ් ලකුණු 37 ක් රැස් කළ අතර මොහොමඩ් නබී ලකුණු 15 ක් රැස් කළහ.

පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගත්තේ ය.

තිසර එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන අවස්ථාව එය වන අතර අකිල ධනංජය කඩුලු 2 ක් දවා ගත්හ.

අනතුරුව ලකුණු 250 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 41 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 158 කට දැවී ගියේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවෙයි.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලකුණු 36 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 23 ක් රැස් කළහ.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 17 ක් රැස් කළ අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22 ක් ද
තිසර පෙරේරා ලකුණු 28 ක් රැස් කළහ.

පන්දු යැවීමේදී මූජීබ් අර් රහමාන්, ගුලාබ්ඩීන් නයිබ් , මොහොමඩ් නබී මා රශිඩ් ඛාන් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියහ.

මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ, ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලබාගත් සිව්වන එක්දින ජයග්‍රහණය ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ ජේසන් රොයි කියන කතාව

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ කීපයක් අද

Mohamed Dilsad

Leave a Comment