ගොසිප්

‘එක රටක් එක නිතියක්’ සභාපතිකම මම බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

(UTV | කොළඹ) – තමන්ට ලැබුණු තනතුරේ වැඩ කටයුතු උපරිම අයුරින් කිරීමට කටයුතු කරන බවත් මෙය බලාපොරොත්තු වූ දෙයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම කැලයක් සුද්ධ පවිත්‍ර කරනවා වැනි කාර්යයක් බව ද පවසන උන්වහන්සේ මෙම තනතුරේ වැඩ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළහ.

මෙම කොමිසමට පත් කරන ලද අය සමග මුලින්ම සාකච්ඡා කරන බවත් එම කාර්යය උපරිම අයුරින් කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ කීහ.

මෙම තනතුරු ගැන අධ්‍යනය කල යුතු බවත් තනතුරට තමන් පත් කළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී විස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස උන්වහන්සේ පත්කිරීම ගැන කළ විමසීමේ දී හිමියන් මේ බව සඳහන් කරන ලදී.

Related posts

කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයි

Mohamed Dilsad

මතින් මත්වූ ඇමති පුතු රිය ධාවනයේදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

Mohamed Dilsad

Leave a Comment