ගොසිප්

මතින් මත්වූ ඇමති පුතු රිය ධාවනයේදී පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු බීමතින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සන්තකයේ ගංජා සුරුට්ට්වුවක්ද තිබුණු බවට පොලිසිය පවසයි.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර , මෙම සෝදිසි කිරීමේදී අදාල පුද්ගලයාගේ පියා නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෙනෙක් බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

Mohamed Dilsad

බියගම පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව සතුටින් බලයට පත්කළ අපි දැන් ඉන්නේ මහත් වේදනාවකින්

Mohamed Dilsad

Leave a Comment