ක්‍රීඩා

පකිස්තානු කණ්ඩායමට කඩුලු 5ක ජයක්

(UTV |  ඩුබායි) – T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් සහ ඩෙවොන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී හරිස් රවුෆ් කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, තරඟය ජය ගැනීම සඳහා ලකුණු 135ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි පකිස්තානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගමින් තරගය ජග්‍රහණය කළා.

Related posts

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

Mohamed Dilsad

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසානයේ

Mohamed Dilsad

පරාජය හමුවේ නායකත්වයට සමුදීමට සූදානම් බව මාලිංගගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment