ක්‍රීඩා

පරාජය හමුවේ නායකත්වයට සමුදීමට සූදානම් බව මාලිංගගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ඊයේ (06) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 155ක්.

ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් සහිතව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 17කදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළහ.

කොදෙව්වන් සමග පැවති තරගාවලිය පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

ඔහු එහිදී කියාසිටියේ සමස්තයක් ලෙසට කණ්ඩායම මෙම තරගාවලියේදී අසාර්ථක වු බවයි.

කෙසේවෙතත් පන්දු රැකීම පිළිබඳ සතුටුවිය හැකි බව ද මාලිංග කියා සිටියේය.

මේ අතර නායකත්වය පිලිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණ කිරීම්වලට ද ලසිත් මාලිංග පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ , තමාගෙන් නිසි සේවයක් ඉටු නොවන්නේ යැයි ක්‍රිකට් ආයතනය / පුහුණුකරු සහ තේරීම් කමිටුව තීරණය කලහොත් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවයි.

Related posts

ඔලිම්පික් උළෙලට දින නියම වෙයි

Mohamed Dilsad

තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment