ගොසිප්

පුතාව බලන්න මුල්වරට ෂාරුක් බන්ධනාගාරයේ

(UTV | මුම්බායි) – සුපිරි නළු ෂාරුක් කාන්ගේ අධ්‍යාපනය ලබමින් සිටින පුත්‍රයා ඉන්දියාවේ නෞකාවක පැවති සාදයකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදකට හසුවූ සිදුවීම පසුගිය දිනවල වාර්තාවූ අතර පුතු ආර්යන් තවමත් ඇප නොලබා සිරගතව සිටී. ඔහුට අවසන් නඩු වාරයේදී ඇප නොලැබිණි. පුතාව බේරාගැනීම සඳහා ෂාරුක් පියා නොගන්නා වෙහෙසක් නැත. ආර්යන් දැනට සිටින්නේ මුම්බායි හි ආතර් පාරේ බන්ධනාගාරයේ ය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රථම වතාවට ෂාරුක් ඛාන් බ්‍රහස්පතින්දා සවස පුතු හමුවීමට ආතර් පාරේ බන්ධනාගාරයට පැමිණියේය. ඊට පෙර, නඩුවට අදාළ ස්ථානවල දක්නට ලැබෙන ඔහුගේ කණ්ඩායමේ එකම සාමාජිකයා වූයේ ඔහුගේ කළමනාකාරිනී පූජා ඩඩ්ලානි පමණක්ය.

ෂාරුක්ගේ රංගන කටයුතු භාර කළමනාකාරිනී පූජා ඩඩ්ලානි සෙනසුරාදා මුම්බායි හි මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ කාර්යාලයට පැමිණ ආර්යන් කාන්ගේ වෛද්‍ය ඉතිහාසය සහ ඔහුගේ අධ්‍යාපනයට අදාළ ලියකියවිලි ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සිකුරාදා අධිකරණයේන් කළ දැනුම්දීමට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කර ඇත. ආර්යන් කාන් ඇමරිකානු සරසවියක දෙවන වසරේ ශිෂ්‍යෙයකි. පූජා ෂාරුක්ගේ කළමනාකරු පමණක් නොව ආර්යන් ගේ නියෝජිතයෙකු ලෙස ද සැලකේ.

මත්ද්‍රව්‍ය නාශක විමර්ශන ආයතනය (එන්සීබී) ෂාරුක් ඛාන්ගේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමක්ද සිදු කළ අතර කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුද පරීක්‍ෂා කර තිබේ. ඔහු අතට මත්ද්‍රව්‍ය පත්වීමේ සම්බන්ධය ගැන පුුළුල් විමර්ශන සිදුවේ.

බ්‍රහස්පතින්දා මුම්බායි හි විශේෂ එන්ඩීපීඑස් අධිකරණය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ආර්යන් කාන් අනෙක් හත් දෙනාට ඇප නොදුන් අතර ඔක්තෝබර් 30 වනදා දක්වා රැඳවුම දීර්ඝ කළේය.

Related posts

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

Leave a Comment